අඩු බර පාන් විකිණූ වෙළෙඳුන් 100 කට අධික පිරිසකට නඩු පවරා ඇති බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසනවා.
පෙරේදා (05) සිට අඩු බර පාන් නිෂ්පාදනය කරන, අලෙවි කරන වෙළෙඳුන් සොයා දිවයින පුරා වැටලීම් ආරම්භ කළ අතර එහිදීයි මෙම වෙළෙඳුන් සොයාගෙන ඇත්තේ.
පාන් ගෙඩියක හා පාන් භාගයක තිබිය යුතු නියම බර දක්වමින් රජය විසින් පසුගියදා ගැසට් පත්රයක්ද නිකුත් කළා.