― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeHot Newsසැමියාගේ මන්නා පහරින් බිරිඳ රෝහලේ

සැමියාගේ මන්නා පහරින් බිරිඳ රෝහලේ

සැමියෙක් විසින් තම බිරිඳගේ හිසට මන්නයකින් පහර දීමේ පුවතක් පානදුර ප්‍රදේශයෙන් වාර්තා වනවා.

පොලීසිය පැවසුවේ ඊයේ (07) රාත්‍රියේ 9.30 පමණ පානදුර දකුණ පොලිස් වසමේ උයන්කැලේ පාර ,දොඹගහවත්ත ප්‍රදේශයේදී මෙම පහර දීම සිදුව ඇති බවයි.

මෙලෙස රෝහල්ගත කර ඇත්තේ 47 වියැති දෙදරු මවකි.

සැමියා නිවසේ ඉදිරිපස ආලින්දයේ සිටි අවස්ථාවේදී ඔහුගේ බිරිඳ ඊට යාබද කාමරයේ දුරකථන ඇමතුමක රැඳී සිට ඇති අතර සැමියා එක්වරම එම කාමරයට ගොඩ් විදුලි පහන් දල්වා තිබෙනවා.

එම අවස්ථාවේදී සැමියා දුටු බිරිඳ තම දුරකථන ඇමතුව විසන්ධි කර ඇති අතර ඉන් සැමියා මහත් කෝපයට පත්ව මුළුතැන්ගෙයි තිබූ මන්නයක් රැගෙන විත්, කාමරයේ සිටි බිරිඳගේ හිසට මනා පහරක් එල්ල කොර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මන්නා පිහි පහරින් සිදු වූ අධික ලේ ගැල්මත් සමඟම ඇය නිවසින් පිටතට පැමිණ අසළ තිබූ නිවසකට දිව ගොස් මේ බව පවසා තිබෙනවා.

ඉන්පසු එම නිවැසියන් විසින් මෙම කාන්තාව පානදුර මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් පානදුර දකුණ පොලිසියට ලද නිර්නාමික දුරකථන ඇමතුමකට අනුව මෙම පහරදීම සිදු කළ 56 හැවිරිදි සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් පානදුර දකුණ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.