― political ―

ශ්‍රී ලංකාව වල පල්ලට යවනවාද කියා තීරණය ඇත්තේ ජනතාව අතේ – ශෙහාන්

ආර්ථික වශයෙන් පිහිතලයක් මත ඇති අයිස් කන්දක් මෙන් පවතින ශ්‍රී ලංකාව ඉතාමත් සීරුවෙන් කළමනාකරණය කළ යුතුව පවතින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය මත ශ්‍රී...
HomeHot Newsමිරිහානේ නිවසකින් අඹුසැමි යුවළකගේ මළ සිරුරු හමුවෙයි

මිරිහානේ නිවසකින් අඹුසැමි යුවළකගේ මළ සිරුරු හමුවෙයි

මිරිහාන ප්‍රදේශයේ නිවසක තිබී අඹුසැමි යුවළකගේ මළ සිරුරු සොයාගෙන තිබෙනවා.

පොලීසිය පැවසුවේ නිවසේ ඇඳක් මත මීට දින කිහිපයකට පෙර මියගොස් නරක් වූ පිරිමි පුද්ගලයෙකුගේ මළ සිරුරක් සහ නිවසේ මුළුතැන්ගෙයි බිම තිබී නිරුවත් කාන්තාවකගේ මළ සිරුරක් මෙලෙස හමු වූ බවයි.

අසල්වැසියෙකු විසින් එම නිවසේ දින කිහිපයක සිට දුඟදක් හමන බවට මිරිහාන පොලිසියට කළ දැනුම්දීමකට අනුවයි මෙලෙස එම නිවස පරික්ෂාවට ලක් කර ඇත්තේ.

වැඩිදුර විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මෙලෙස මියගොස් ඇති පිරිමි පුද්ගලයා වයස අවුරුදු 80ක පමණ අයෙක් වන අතර කාන්තාව වයස අවුරුදු 96ක් වන එම නිවසේ පදිංචිව සිටි අඹු සැමි යුවලක් බවයි.

පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීම සඳහා මෘත ශරීර කළුබෝවිල රෝහලේ මෘත ශරීරාගාරයේ තැම්පත් කර තිබෙනවා.