26.7 C
Colombo
Tuesday, April 28, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවිදුලි සැර වැදී වන අලියෙක් ජීවිතක්ෂයට

විදුලි සැර වැදී වන අලියෙක් ජීවිතක්ෂයට

වවුනියාව, පුලියන්කුලම ප්‍රදේශයේදී විදුලි රැහැනක ගැටීමෙන් වන අලියෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

වවුනියාවේ වනජීවි නිළධාරීන් පවසන්නේ පුලියන්කුලම ප්‍රදේශයේ වගා ඉඩමකට ඇඳ තිබූ විදුලි රැහැනක ගැටීමෙන් මෙම වන අලියා ඊයේ(08) ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

මෙලෙස මියගොස් ඇත්තේ උස අඩි 08 යි අඟල් හතරක් පමණ වන, වයස අවුරුදු 25 ක් 30 ක් පමණ වූ වන අලියෙක් බවයි අප වාර්තාකරු පැවසුවේ.

සිද්ධිය සම්බන්ධයෙන් වගා ඉඩමේ අයිතිකරු අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරු වවුනියාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.