26 C
Colombo
Sunday, April 20, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsඅමෙරිකා ජනපති කළ නියෝගය

අමෙරිකා ජනපති කළ නියෝගය

අමෙරිකා ජනාධිපති ජෝ බයිඩ්න් එරට සියලුම රාජ්‍ය සේවකයින් අනිවර්යයෙන්ම කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා ගත යුතු බවට නියෝග කර ඇත. 
 
එසේම එරට මහා පරිමාණ සමාගම්වල සේවකයන්ට කොවිඩ් මර්දන එන්නත හෝ සතිපතා කොවිඩ් පරීක්ෂණ අනිවාර්ය කිරීමට අමෙරිකා ජනාධිපතිවරයා තීරණය කර තිබේ.
 
පුද්ගලික අංශයේ සේවක සේවිකාවන් මිලියන 80 කට පමණ එය බල පැවැත්වෙනු ඇත.
 
ධවල මන්දිරයේදී විශේෂ ප්‍රකාශයක් කරමින් ජනාධිපතිවරයා සඳහන් කලේ සේවකයන් 100 කට වැඩි සෑම සමාගමක්ම මෙම නියමයන්ට යටත් වන බවයි.
 
එමෙන්ම ෆෙඩරල් රජයේ සේවක සේවිකාවන් ලක්ෂ 40 කට පමණ කොවිඩ් එන්නත අනිවාර්ය කිරීමටද ජනාධිපතිවරයා විසින් දන්වා තිබේ.
 
අමෙරිකාවෙන් ඊයේ වාර්තා වී ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 1,929කි.