― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeHot NewsUPI ගෙවීම් ක්‍රමය අද සිට මෙරටට

UPI ගෙවීම් ක්‍රමය අද සිට මෙරටට

ශ්‍රී ලංකාවට පැමිණෙන ඉන්දීය සංචාරකයන් සඳහා QR කේතය මගින් ඩිජිටල් ක්‍රමවේදය ඔස්සේ ඒකාබද්ධ ගෙවුම් අතුරු මුහුණත (UPI) හරහා ගෙවීම් කටයුතු සිදු කිරීමේ ක්‍රමය හඳුන්වා දීම මීට සුළු මොහොතකට පෙර මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ සිදු කෙරිණි.

විදේශ අමාත්‍ය අලි සබ්රි පැවසුවේ මෙම ක්‍රමය කොළඹ කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කෙරෙන බවත් එමගින් ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය ඉහළ නැංවීමට හැකිවනු ඇති බවත්ය.

මීට අදාළ ගිවිසුම පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ දෙදින, ඉන්දීය නිල සංචාරය අතරතුරදී සිදුකරනු ලැබුවා.

UPI යනු ජංගම දුරකතනයක් භාවිතයෙන් ක්ෂණිකව පුද්ගලයාගෙන් පුද්ගලයාට හෝ පුද්ගලයාගෙන් වෙළෙන්දාට ගනුදෙනු සඳහා පහසුකම් සපයන ඩිජිටල් ගෙවීම් පද්ධතියකි.