27 C
Colombo
Sunday, October 26, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපාසල් ළමුන් ප්‍රවාහන වාහනවලට ස්ටිකරයක්

පාසල් ළමුන් ප්‍රවාහන වාහනවලට ස්ටිකරයක්

හැටන් ප්‍රදේශයේ රජයේ සහ ජාත්‍යන්තර පාසල්වලට ළමුන් ප්‍රවාහනය කරන බස් රථ, වෑන් රථ සහ ත්‍රිරෝද රථ රියදුරන්ට එම වාහනවල ඇලවීම සඳහා ස්ටිකරයක් නිකුත් කිරීම අද (14) හැටන් පොලිස් ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා.

යුක්තියේ මෙහෙයුමට සමගාමීව හැටන් පොලිසියේ රථවාහන අංශයේ නිලධාරින් විසින් මෙම වැඩසටහන සංවිධානය කර තිබුණා.

ඒ අනුව හැටන් පොලිස් බල ප්‍රදේශයේ පාසල් ළමුන් ප්‍රවාහනය කරන වාහන 21 ක රියදුරන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී නොමැති බවට එම වාහනවල රියදුරන් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී දික්ඔය මූලික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරියගෙන් වාර්තාවක් ලබාගෙන එම වාර්තාව හැටන් පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරින්ට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එම වාර්තාව ලබාගත් රියදුරන් පාසල් ළමුන් ප්‍රවාහනය කිරීම සඳහා සුදුසු රියදුරෙකු බවට නිර්දේශ කරන ස්ටිකරයක් එම වාහනවල අලවා තිබෙනවා.