30 C
Colombo
Monday, March 31, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsසැඩ පහරට හසු වූ ජීවිත 05ක් බේරාගැනේ

සැඩ පහරට හසු වූ ජීවිත 05ක් බේරාගැනේ

සැඩ පහරට හසුව ගසාගෙන ගිය පස් දෙනෙකුගේ ජීවිත බේරා ගැනීමට පානදුර පොලිස් සහ නාවික ජීවිත ආරක්ෂක නිළධාරීන් සමත්ව තිබෙනවා.

ඊයේ (13) සවස පානදුර මුහුදේ සැඩ පහරට හසුව ගසාගෙන ගිය ගැහැනු ළමුන් දෙදෙනෙකු, කුඩා ළමුන් දෙදෙනෙකු ඇතුළු ඇතුළු පස් දෙනෙකුගේ ජීවිතයි මෙලෙස බේරාගෙන ඇත්තේ.

කිදෙල්පිටිය, මිල්ලෑව ප්‍රදේශයේ පදිංචි තරිඳු ධනංජය (23), කවීෂා සෙව්වන්දි (17), කල්පනා දේවින්දි (14), සඳරු රෂ්මික (12) සහ විහඟ කවිෂ්ක (09) නමැති අයවලුන්ගේ ජීවිත මෙලෙස බේරාගත් බවයි පොලීසිය පවසන්නේ.

මොවුන් පස්දෙනා වැඩිහිටි යුවළක් සමඟ ඊයෙ (13) පානදුර වෙරළට පැමිණ විනෝද වී දියනාමින් සිට තිබෙනවා. කෙසේනමුත් හදිසියේම ආ රළ පහරකට හසුව ඔවුන් කෙමෙන් කෙමෙන් දියඹ දෙසට ඇදී ගොස් ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

පසුව ඔවුන් උදව් ඉල්ලා කෑ ගසා ඇති අතර ඒ ආසන්නයේ සිටි පොලිස් සහ නාවික ජීවිත ආරක්ෂක නිළධාරීන් දෙදෙනෙකු දියඹට පැන ඔවුන්ගේ දිවි බේරාගෙන තිබෙනවා.