― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsඅනතුරුදායක අලි වැටවල් ඉවත් කරන්නැයි නියෝග

අනතුරුදායක අලි වැටවල් ඉවත් කරන්නැයි නියෝග

නාකොලගනේ රක්ෂිත වනාන්තර කලාපය ආශ්‍රිතව ඉදිකර තිබෙන සතුන්ට හා මිනිසුන්ට අනතුරුදායක අලි වැටවල් ඉවත් කිරීමට පියවර ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (14) නියෝග කළා.

නාකොලගනේ රජමහා විහාරයේ විහාරාධිපති වලත්වැවේ රාහුල හිමියන් විසින් එම ප්‍රදේශයේ වනාන්තර හෙළිපෙහෙළි කරමින් සිදු කරනු ලබන නීතිවිරෝධී ක්‍රියා අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පරිසර යුක්ති කේන්ද්‍රය විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද කැඳවනු ලැබූ අවස්ථාවේදී මෙම නියෝග නිකුත් කළා.

මෙම පෙත්සම අද මුර්දු ප්‍රනාන්දු, එස්. තුරෙයි රාජා සහ යසන්ත කෝදාගොඩ යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී විහාරාධිපති හිමියන් විසින් වනාන්තර හෙලිකොට වගා කටයුතු සිදු කර තිබෙන ප්‍රදේශවල අනතුරුදායක අලි වැටවල් ඉවත් කිරීමට පියවර ගන්නා ලෙස මීට පෙර ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියෝගයක් නිකුත් කර තිබූණා.

එහෙත් එම නියෝගය නිසි පරිදි ක්‍රියාත්මක කර නොමැති බවට පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රවින්ද්‍රනාත් දාබරේ මහතා කරුණු ඉදිරිපත් කළා.

ඒ සම්බන්ධයෙන් වගඋත්තරකරුවන්ට දැඩි දෝෂාරෝපණ එල්ල කළ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල අදාළ ප්‍රදේශයේ පිහිටා තිබෙන සතුන්ට හා මිනිසුන්ට අනතුරුදායක අලි වැටවල් ඉවත් කිරීමට පියවර ගන්නා ලෙස වනජීවී දෙපාර්තමේන්තුව, ලංකා විදුලිබල මණ්ඩලය, පොලිස්පතිවරයා සහ පූජ්‍ය නාකොලගනේ රාහුල හිමියන් යන පාර්ශ්වයන්ට නියෝග කලා.

ඉන් අනතුරුව මෙම පෙත්සම මැයි මස 20 වැනිදා යළි කැඳවන ලෙසත් නියෝග කෙරුණා.