27.8 C
Colombo
Wednesday, August 27, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඇමෙරිකානු නි. සහකාර ලේකම් හා මෛත්‍රී හමුවෙයි

ඇමෙරිකානු නි. සහකාර ලේකම් හා මෛත්‍රී හමුවෙයි

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු භාර නියෝජ්‍ය සහකාර ලේකම් අෆ්රීන් අක්තර් අතර හමුවක් සිදුව තිබෙනවා.

ඊයේ (14) ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේදී යි මෙම හමුව සිදුව ඇත්තේ.

ශ්‍රී ලංකාවේ දේශපාලන තත්වයන් පිළිබඳව එහිදී දීර්ඝ සාකච්ඡාවක නිරත වී ඇති අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මූලික වී සකස් කරන සන්ධානය සම්බන්ධයෙන් සහ ද්විපාර්ශවික කරුණු සම්බන්ධයෙන් ඉතා සාර්ථක සාකච්ඡාවක නිරත විය.

එම සාකච්ඡාවේ ඉදිරි පියවර ගණනාවක් ඉදිරි මාස කිහිපය ඇතුළත ක්‍රියාවට නැංවීමට නියමිතය.

රාජ්‍ය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සහකාර ලේකම් අෆ්රීන් අක්තර් මහත්මිය සමඟ ඵලදායී සාකච්ඡාවක නිරත වූ හිටපු ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවට දක්වන නොමසුරු සහයෝගය පිළිබඳව ද සිය ප්‍රසාදය පළ කළේ ය.