26.7 C
Colombo
Sunday, July 20, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsසිසුවියන්ට අමුතු පාඩම් කියාදෙන්න හැදූ ගුරුවරයා අල්ලයි

සිසුවියන්ට අමුතු පාඩම් කියාදෙන්න හැදූ ගුරුවරයා අල්ලයි

පාසල් සිසුවියන් තිදෙනෙකුට ලිංගික අතවර කිරීමට තැත් කළ බව කියන පාසල් ගුරුවරයෙක් අද (15) වටවල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අප වාර්තාකරු පැවසුවේ වටවල ප්‍රදේශයේ දමිල පාසලක විද්‍යාව ගුරුවරයා මෙලෙස (15) අත්අඩංගුවට ගෙන ඇති බවයි.

වසර පහක පමණ කාලයක් එම පාසලේ විද්‍යාව ගුරුවරයා වශයෙන් සේවය කළ සැකකාර ගුරුවරයා පාසලේ 10 වසරේ අධ්‍යාපනය ලබන සිසුවියන් තිදෙනෙකුට ලිංගික බලපෑම් කරමින්, කෙටි පණිවිඩ කිහිපයක් යොමු කර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

එම කෙටි පණිවිඩවලට පාසල් සිසුවියන් පිළිතුරු නොයැවීම හේතුවෙන් එම සිසුවියන්ගේ පුටුව මත තම යෝජනාවට එකඟද යනුවෙන් ලියූ කොළ කැබලි තිබු බවයි අගතියට පත් පාසල් සිසුවියන් පොලීසිය හමුවේ පවසා ඇත්තේ.

44 හැවිරිදි වියේ පසුවන සැකකාර ගුරුවරයා දෙදරු පියෙකු බවයි පොලීසිය පැවසුවේ.

සැකකාර ගුරුවරයා අද හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.