― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsතරුණියක් පැරණි පෙම්වතාට දුන් අමුතු වැලන්ටයින් තෑග්ග

තරුණියක් පැරණි පෙම්වතාට දුන් අමුතු වැලන්ටයින් තෑග්ග

ගාල්ල ප්‍රදේශයේ කාන්තාවක් තම සැමියා ලවා පැරණි පෙම්වතාව නිරුවත් කර කකුල් දෙකම කඩා දමා තිබෙනවා.

දොඩංදූව ප්‍රදේශයේ තරුණියක් හික්කඩුව, කලුපේ ප්‍රදේශයේ පදිංචි තරුණයෙක් සමඟ මීට වසර 10කට පමණ පෙර ගාල්ල කාර්මික විද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටිය දී ප්‍රේම සම්බන්ධතාවයක් ගොඩනඟාගෙන තිබෙනවා.

කාර්මික විද්‍යාලයේ අධ්‍යාපනයෙන් පසුව එම සම්බන්ධය නතර කර ඇති අතර ඇය ඉන් අනතුරුව වෙනත් පුද්ගලයෙකු සමඟ විවාහ වී තිබෙනවා.

එහෙත් පැරණි පෙම්වතා ඇයට නිතර නිතර දුරකථනයෙන් ඇමතුම් ලබාගැනීමට හුරු වී සිටි බවයි වාර්තා වුණේ. මෙලෙස ඇමතුම් ලබාගැනීම ඇතැම් අවස්ථාවල දී ඇයට කරදරයක් ද වී තිබෙනවා.

කෙසේ වෙතත් බිරිඳට මෙලෙස නිතර නිතර ඇමතුම් ලබාගන්නා පැරණි පෙම්වතාව බිරිඳ ලවා දඩල්ල මුහුදු වෙරළට කැඳවා ගැනීමට සැමියා කටයුතු කර ඇති අතර එලෙස පැමිණි පැරණි පෙම්වතාට සැමියා විසින් බිරිඳ ඉදිරියේදීම යකඩ පොල්ලකින් පහර දී ඔහුව නිරුවත් කර ඇති බවයි වාර්තා වුණේ.

අනතුරව සැමියා තවත් අයෙකු සමඟ යතුරුපැදියකින් නැගී පළාගොස් ඇති අතර බිරිඳ බසයකට නැඟී එම ස්ථානයෙන් පිටව ගොස් තිබෙනවා.

මේ අතර තුර මුහුදු වෙරළට පැමිණි අයෙක් විසින් නිරුවතින් මුහුදු වෙරළේ වැටී සිටි මෙම පුද්ගලයා දැක ඔහුව වහාම රෝහල් ගත කිරීමට කටයුතු කර ඇති බව සඳහන්.

පහරදීමෙන් අදාළ පුද්ගලයාගේ කකුල් දෙකම කැඩී ඇති බවයි වාර්තා වුණේ. පහරදීම සිදුකළ සැකකරු ගාල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඊයේ (14) ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබෙනවා.