― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsජනාධිපති ලේකම්ගෙන් දේශපාලන පළිගැනීම් කොමිසමට පෙත්සමක්

ජනාධිපති ලේකම්ගෙන් දේශපාලන පළිගැනීම් කොමිසමට පෙත්සමක්

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් පත්කරන ලද දේශපාලන පළිගැනීම් පිළිබඳව සොයාබැලීම සඳහා විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්නගේ ප්‍රධානත්වයෙන් පත්කරන ලද ජනාධිපති පරීක්ෂණ කොමිසම විසින් වත්මන් ජනාධිපති ලේකම් සමන් ඒකනායකට එරෙහිව සිදුකර ඇති නිර්දේශ සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බව ජනාධිපති නීතිඥ උපුල් කුමරප්පෙරුම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කළා.

අදාළ කොමිසම විසින් තමන්ට එරෙහිව සිදු කරන ලද තීරණ සහ නිර්දේශ බලරහිත කරන ලෙස ඉල්ලා එවක අගමැති ලේකම් ලෙස කටයුතු කළ වර්තමාන ජනාධිපති ලේකම් සමන් ඒකනායක ඇතුළු පිරිසක් විසින් ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට ගත් අවස්ථාවේදී ජනාධිපති නීතිඥවරයා මේ බව කියා සිටියා.

විජිත් මළල්ගොඩ, අචල වෙන්ගප්පුලි සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම් විභාගය පැවැත්වුණා.

එහිදී ජනාධිපති ලේකම් සමන් ඒකනායක වෙනුවෙන් අධිකරණය හමුවේ කරුණු දැක්වූ ජනාධිපති නීතිඥ උපුල් කුමාරප්පෙරුම නීතියක් මගින් ස්ථාපනය නොකළ දූෂණ විරෝධී කමිටු ලේකම් කාර්යාලය නම්වූ රාජ්‍ය නොවන සංවිධානයක් වෙනුවෙන් රජයේ මුදල් මිලියන 33 ක් නීතිවිරෝධී ලෙස යෙදවූ බවට එම කොමිසම විසින් සමන් ඒකනායකට එරෙහිව චෝදනා කර තිබූ බව සඳහන් කළා.

ඒ අනුව ඔහුගේ ප්‍රජා අයිතිවාසිකම් අහෝසි කරන ලෙසත් රජයේ මුදල් සාපරාධී ලෙස සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාව මත ඔහුට විරුද්ධව අපරාධ චෝදනා ගොණු කරන ලෙසත් අදාළ කොමිසම විසින් නිර්දේශ කර තිබූ බවත් ඔහු කියා සිටියා.

අග්‍රාමාත්‍ය ලේකම්වරයා වශයෙන් තමන් ඉටුකරන ලද කාර්යයන් සම්පූර්ණයෙන්ම නීතියට අනුකූලව සිදු කර ඇති බවත් දූෂණ විරෝධී කමිටු ලේකම් කාර්යාලය රාජ්‍ය නොවන සංවිධානයක් නොව කැබිනට් මණ්ඩලය විසින් නීත්‍යනුකූලව පිහිටුවන ලද ආයතනයක් බවද ජනාධිපති නීතිඥවරයා අවධාරණය කළා.

කැබිනට් මණ්ඩලය විසින් සමන් ඒකනායක වෙත කරන ලද නියෝගය අනුව ඒ සඳහා මුදල් වෙන් කරන ලද බවද ජනාධිපති නීතිඥ උපුල් කුමරප්පෙරුම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ වැඩිදුරටත් සඳහන් කර සිටියා.

වත්මන් ජනාධිපති ලේකම්වරයාගෙන් නිසි කරුණු විමසීමකින් තොරව අදාළ කොමිසම මෙම නිර්දේශ සිදු කර ඇති බවත් එය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි මෙන්ම ස්වභාවික යුක්ති ධර්මය නමැති නීතිමය මූලධර්මය උල්ලංඝනය කිරීමක් බවත් ජනාධිපති නීතිඥ උපුල් කුමරප්පෙරුම වැඩිදුරටත් තර්ක කළා.

ඉන් අනතුරුව පෙත්සම් විභාගය කල් තැබුවා.