― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsකොරියානු රජයෙන් ශ්‍රී ලංකාවට පැසසුම්

කොරියානු රජයෙන් ශ්‍රී ලංකාවට පැසසුම්

කොරියානු තානාපතිනි මියොන් ලී සහ රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය අතර හමුවක් හමුවක් සිදුව තිබෙනවා.

අද (16) මුදල් අමාත්‍යාංශයේ දීයි මෙම හමුව පවත්වා ඇත්තේ.

එහිදී ආර්ථික අර්බුදයෙන් මිදීමට ශ්‍රී ලංකාව කටයුතු කළ ආකාරය ගැන කොරියානු තානාපතිවරිය ශ්‍රී ලංකාවට පැසසුම් එක් කළාය.

එහිදී තානාපතිවරිය වැඩිදුරටත් කියා සිටියේ කොරියානු රජය සහ ශ්‍රී ලංකාව නිරන්තයෙන් සමීපව කටයුතු කරන බවයි. ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසක් එරට සේවය කරන බව පෙන්වා දුන් ඇය සිය අනුග්‍රහය යටතේ මෙරට ක්‍රියාත්මක ව්‍යාපෘති පිළිබඳ ව ද අදහස් පළ කළාය.

රට යථාවත් වීමත් සමග තවදුරටත් එම කටයුතු වෙනුවෙන් කැපවන බව පෙන්වා දුන් තානාපතිවරිය ඊට රජයේ සහය අපේක්ෂා කළාය.

විශේෂයෙන්ම දැනට ක්‍රියාත්මක වී තාවකාලිකව අත්හිටුවා ඇති ව්‍යාපෘති යළි පණ ගැන්වීම පිළිබඳ මැදිත්වන ලෙස ද ඇය අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියාය.

අමාත්‍යවරයා එහි දී සඳහන් කළේ අදාළ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ වගකිව යුතු පාර්ශ්ව වන ලංකා විදුලිබල මණ්ඩලය සහ ගෙවීම් පිළබඳ වගකිව යුත්තා වන භාණ්ඩගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුව සමග අදාළ ගැටලු සාකච්ඡා කරන බවයි.

මේ අතර ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථා කෙරෙහි කොරියානු ව්‍යාපාරිකයන් යොමු කරවන ලෙස අමාත්‍ය සියඹලාපිටිය ඉල්ලීමක් කර තිබෙනවා.

එහිදී තානාපතිවරයා සඳහන් කළේ ආර්ථිකය යථාවත් වීමත් සමඟ එම අවස්ථව උදාවනු ඇති බවයි.