27 C
Colombo
Sunday, April 20, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsආණ්ඩුව යළිත් අධීක්ෂණ මන්ත්‍රීවරුන් පත් කිරීමේ සැලසුමක් තිබෙනවා

ආණ්ඩුව යළිත් අධීක්ෂණ මන්ත්‍රීවරුන් පත් කිරීමේ සැලසුමක් තිබෙනවා

මෙය නාස්තිකාර වියදමක් – සජිත් කියයි

ආණ්ඩුව යළිත් අධීක්ෂණ මන්ත්‍රීවරුන් පත්කිරීමේ සැලසුමක් හරහා නාස්තිකාර වියදමකට සූදානම් වන බව විපක්ෂ නායක සංජිත් ප්‍රේමදාස මහතා අවධාරණය කරයි.

‍’ විපක්ෂයෙන් හුස්මක් ‘ වැඩසටහනේ යටතේ කෑගල්ල ශික්ෂණ රෝහලට රුපියල් තිස් ලක්ෂ අනූදහසක් වටිනා රෝහල් උපකරණ පරිත්‍යාග කිරීමෙන් අනතුරුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ කරුණු අනාවරණය කෙළේය.

තවදුරටත් විපක්ෂ නායකවරයා මෙසේද පැවැසීය.

“ආණ්ඩුව සංවර්ධනය අධීක්ෂණය කිරීම සඳහා අධීක්ෂණ මන්ත්‍රීවරු පත් කර ඔවුන්ට වෙනම ම වරදාන වරප්‍රසාද යාන වාහන දීමනා ලබා දීමට සූදානම් . එය ඉතාම නින්දිත ක්‍රියාවක් ලෙස තමා දකිනවා.

රටේ මුදල් නාස්ති කිරීමට කටයුතු කරන්නේ නම් එය ජාතික අපරාධයක් . එහෙයින් මෙලෙස අධීක්ෂණ මන්ත්‍රීවරුන් පත් කිරීම වහාම අත්හිටුවන ලෙස රජයෙන් ඉල්ලා සිටිනවා.

මෙලෙස පත් කරනු ලබන අධීක්ෂණ මන්ත්‍රීවරුන්ට ලබා දෙන වාහන දීමනා වෙනත් දීමනා තෙල් දීමනා වහාම නතර කර කොවිඩ් ව්‍යවසනයෙන් පීඩා විදින ජන ජීවිත බේරා ගැනීමට යොදවන ලෙස ඉල්ලා සිටිනවා.”

සුභාෂිණී සේනානායක