උඩරට මැණිකේ සීඝ්රගාමී දුම්රිය අද (19) උදෑසන රාගම දුම්රිය ස්ථානයේදී පීලි පැනීමට ලක්ව තිබෙනවා.
දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ අද පෙරවරු 05.45 ට බදුල්ල සිට කොළඹ කොටුව දක්වා ධාවනය වූ අංක 1016 දරණ උඩරට මැණිකේ සීඝ්රගාමී දුම්රිය රාගම හන්දිය දුම්රිය ස්ථානය ආසන්නයේදී පීලි පැනීමකට ලක්වීම හේතුවෙන් එම දුම්රිය ස්ථානය පසු කිරීමට නියමිත සියළුම දුම්රියන් ප්රමාදයන් සහිතව ධාවනය වීමට ඉඩ ඇති බවයි.