31.7 C
Colombo
Thursday, June 25, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවිදුලි රැහැනක පැටලී ගොවියෙක් ජීවිතක්ෂයට

විදුලි රැහැනක පැටලී ගොවියෙක් ජීවිතක්ෂයට

ඌව පරණගම – හාලිඇල ප්‍රදේශයේදී අනවසර විදුලි රැහැනක පැටලී ගොවියෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලීසිය පැවසුවේ ඔහු විසින් අනවසරෙන් රාබු වගාවකට යොදා තිබූ විදුලි රැහැනක පැටලී මොහු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 64 හැවිරිදි එක් දරු පියෙකි. මියගිය තැනැත්තා තම නිවස අසල පිහිටි රාබු වගාවක් සතුන්ගෙන් ආරක්ෂා කර ගැනීම සදහා තමන් විසින්ම අනවසරයෙන් යෙදූ විදුලි රැහැනක පැටලී මෙසේ මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් ඌව පරණගම පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබයි.