25.6 C
Colombo
Saturday, June 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsසුව ඇමති - සෞඛ්‍ය වෘත්තීය සමිති තීරණාත්මක සාකච්ඡාවක්

සුව ඇමති – සෞඛ්‍ය වෘත්තීය සමිති තීරණාත්මක සාකච්ඡාවක්

සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ හා සෞඛ්‍ය වෘත්තීය සමිති අතර විශේෂ සාකච්ඡාවක් අද (19) පෙරවරුවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේදී පැවැත්වීමට නියමිතය.

වෛද්‍යවරුන්ගේ රුපියල් 35,000ක ඩැට් දීමනාව තමන්ට ද ලබාදෙන ලෙස ඉල්ලමින් සෞඛ්‍ය වෘත්තීය සමිති 72ක් පසුගිය 13 සහ 14 වැනිදා දිවයින පුරා රෝහල්වල වැඩ වර්ජනයක නිරත වුණා.

ඔවුන්ගේ ඉල්ලීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යවරයා සමඟ සාකච්ඡා කිරීමට අවස්ථාවක් ලබාදීමේ එකඟතාව මත ඔවුන් එම වැඩ වර්ජනය තාවකාලිකව නැවතූ අතර එම සාකච්ඡායි අද (19) පෙරවරුවේ පැවැත්වීමට නියමිතව ඇත්තේ.