30 C
Colombo
Thursday, April 10, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsසුඛෝපභෝගී මගී නෞකාවක් කොළඹට

සුඛෝපභෝගී මගී නෞකාවක් කොළඹට

මාලදිවයිනේ සිට පැමිණි සුඛෝපභෝගී සිල්වර් මූන් මගී නෞකාව කොළඹ වරායට සේන්දු වී තිබෙනවා.

බහමාස් ධජය යටතේ පැමිණි මෙම නෞකාව සංචාරකයින් 516 ක් රැගෙනයි මෙරටට පැමිණ ඇත්තේ.

මෙහි කාර්ය මණ්ඩලය 400 දෙනෙකුගෙන් සමන්විත වන අතර නෞකාව අද පස්වරුවේ මාලදිවයින බලා යළි පිටත්ව යාමට නියමිතයි.

සිල්වර් මූන් නෞකාවේ පැමිණි සංචාරකයන් අද දිනය තුළදී කොළඹ සහ ගාල්ල ඇතුළු ප්‍රදේශවල සංචාරය කිරීමට ද නියමිතය.