― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsරිකාටන් රක්ෂිතයේ ගින්නක්

රිකාටන් රක්ෂිතයේ ගින්නක්

මස්කෙළිය, මාවුස්සාකැලේ ජලාශයට ඉහළින් පිහිටි රිකාටන් රක්ෂිතයේ ගින්නක් හටගෙන තිබෙනවා.

අප වාර්තාකරු පැවසුවේ කිසියම් පිරිසක් විසින් ඊයේ (18) රාත්‍රියේ රිකාටන් කඳුවැටියට ඉහළින් පිහිටි වන වගා රක්ෂියට ගිනි තබා ඇති බවයි.

මාවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශවල මේ දිනවල පවතින අධික වියළි කාලගුණය සහ දැඩි සුළං තත්ත්වය හේතුවෙන් ගින්න සීඝ්‍රයෙන් පැතිර යමින් පවතී.

ගින්න හටගෙන ඇති රක්ෂිතය තුළ ගෝනුන්, මුවන්, කදුකර කොටියන්, ඌරන් ඇතුළු වන සතුන් ගණනාවක් වෙසෙන රක්ෂිතයක් වන අතර එම සතුන් දඩයම් කිරීමේ අරමුණින් කිසියම් පිරිසක් රක්ෂිතයට ගිනි තබන්නට ඇති බවයි පොලීසිය සැක පළ කරන්නේ.

ගින්න හේතුවෙන් මේ වන විට මාවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශය පුරා දැඩි දුමාරයක් පවතී.