26.7 C
Colombo
Wednesday, August 13, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඉරාන විදේශ කටයුතු ඇමති දිවයිනට

ඉරාන විදේශ කටයුතු ඇමති දිවයිනට

ඉරාන විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය හුසේන් අමීර් අබ්දුල්ලාහියන් ඊයේ (19) රාත්‍රියේ මෙරටට පැමිණ තිබෙනවා.

විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රිගේ ආරාධනාවක් මත තෙදින නිල සංචාරයක් සඳහායි ඉරාන විදේශ කටයුතු අමාත්‍යවරයා මෙරටට පැමිණ ඇත්තේ.

ඔවුන් ඊයේ රාත්‍රී 10.48 ට ඉරාන රජයට අයත් IRAN 05 දරන විශේෂ ගුවන් යානයෙන්, ඉරානයේ ටෙහෙරාන් අගනුවර සිට කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබුණා.

එතුමා සමඟ 20 දෙනෙකුගෙන් යුත් දූත පිරිසක් මෙරටට පැමිණ ඇති අතර ඔවුන් සිට 21 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිතය.

ඉරාන විදේශ කටයුතු අමාත්‍යවරයා ඇතුළු පිරිස පිළිගැනීම සදහා විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය ඇතුළු පිරිසක් කටුනායක ගුවන්තොටුපොළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ සිටියා.