29.5 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපොලීසියට පාට් දැමූ චීන කතක් අත්අඩංගුවට

පොලීසියට පාට් දැමූ චීන කතක් අත්අඩංගුවට

බේරුවල නගරයේ නිවසක කලක සිට ජීවත් වන චීන ජාතික කාන්තාවකට පැමිණිල්ලක් සම්බන්ධයෙන් බේරුවල පොලිසිය හමුවේ පෙනී සිටින ලෙස දැනුම්දීමට ගිය පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට අද (20) දහවල් එම කාන්තාව උදැල්ලකින් පහර දී තුවාල සිදු කර තිබෙනවා.

මෙලෙස පහර දුන් 30 හැවිරිදි චීන ජාතික කාන්තාව කලක සිට නීති උල්ලංඝනය කරමින් මෙරට රැඳී සිටින බවට ලැබුණු පැමිණිලි මත ඒ පිළිබඳව තොරතුරු විමර්ශනය සඳහා ඇයට බේරුවල පොලිසියට පැමිණෙන ලෙස දැනුම්දීමට ගිය සැරයන්වරයෙකුට හා කොස්තාපල්වරයෙකුටයි මෙලෙස පහර දී ඇත්තේ.

කෙසේනමුත් පහරදීම සිදු කළ චීන ජාතික කාන්තාව මේ වනවිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.