පානදුර, වාද්දුව සහ මොරටුව ප්රදේශවල නිවාසවලින් රත්තරන් භාණ්ඩ සොරකම් කළ පුද්ගලයෙක් කළුතර අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලීසිය පැවසුවේ මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 46 හැවිරිදි පුද්ගලයෙකු බවයි.
වැඩිදුර විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ ඔහු වසර 25ක පමණ කාලයක් සිර දඬුවම් විඳ ඇති අයෙකු බවත් මොහු ගෙවල් බිඳුම් 05ක් සිදු කළ පුද්ගලයෙකු බවයි.
මෙම පුදලගයා විසින් විවිධ ප්රදේශවල ගෙවල් බිඳ සොරකම් කළ රන් කරාබු, වළලු, පෙන්ඩන්ට්, මාල ඇතුළු දෑ උකස් කර තිබියදී පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.
සැකකරු මොරටුව, පානදුර, පින්වත්ත සහ වාද්දුව යන පොලිස් වසම තුළ දිවා කාලයේ වසා දමා ඇති නිවෙස්වලට පැන, ඉස්කුරුප්පු නියන් යොදා ජනෙල්වල ග්රිල් ගලවා නිවාසවලට ඇතුළු වී රන්භාණ්ඩ හා මුදල් සොරකම් කර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.
සැකකරු මොරටුව ප්රදේශයේ නිවසක සොරකමක් සිදුකර පිටව යාමට උත්සාහ කිරීමේදී අසල නිවසක ආරක්ෂක සීනු වාදනය වීමේදී පලා යන අයුරු CCTV කැමරාවක පටිගතව තිබෙනවා.
පොලිසිය විසින් මෙම CCTV නිරීක්ෂණය කිරීමෙන් පසු සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරු පානදුර මහේස්ත්රාත් අධ්කරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.