1 ශ්‍රේණියේ සිට 5 ශ්‍රේණිය දක්වා සෑම පාසල් සිසුවෙකුටම ලබන මාසයේ සිට නොමිලේ ආහාර වේලක් ලබාදෙන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍යංශය පැවසුවේ එම ආහාව වේල උදෑසන 7.30 ට සිසුන්ට ලබාදීමට සැලසුම් කර ඇති බවයි.
ඒ අනුව 1 ශ්‍රේණියේ සිට 5 ශ්‍රේණිය දක්වා සිසුන් ලක්ෂ 17කට එම ආහාර වේල ලබා දෙනු ලබන බවයි අධ්‍යාපන අමාත්‍යංශය පැවසුවේ.