― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsසිරිපා කරුණාවේ පැමිණි බස් රියක් පෙරළෙයි

සිරිපා කරුණාවේ පැමිණි බස් රියක් පෙරළෙයි

ශ්‍රී පාද වන්දනාවේ පැමිණෙමින් සිටි වන්දනාකරුවන් රැගත් බස් රථයක් නානුඔය, රදැල්ල කෙටි මාර්ගයේදී පෙරළී ගොස් තිබෙනවා.

මෙම අනතුරෙන් බස් රථයේ ගමන් ගත් 08 දෙනෙකු තුවාල ලබා නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුලත් කර ඇති බවයි නානුඔය පොලිසිය පැවසුවේ.

මෙලෙස මාර්ගය හරහා පෙරළී ඇත්තේ මාතර සිට නුවරඑළිය හරහා ශ්‍රී පාද වන්දනාවේ වන්දනාකරුවන් පිරිසක් රැගෙන පැමිණි පෞද්ගලික බස් රථයක්.

නානුඔය, රදැල්ල කෙටි මාර්ගයේ සමර්සෙට් වත්ත ප්‍රදේශයේදී ඊයේ (22) රාත්‍රි 7 ට පමණ මෙම අනතුර සිදුව තිබෙනවා.

අධික බෑවුමක් සහිත එම මාර්ගයේ ධාවනය වී ඇති බස් රථයේ තිරිංග පද්ධතිය ක්‍රියා විරහිත වීම හේතුවෙන් ධාවනය වූ බස් රථය රියදුරුගේ පාලනයෙන් මිදී මාර්ගය අසළ පිහිටි කන්දක හැපී පෙරළී ගොස් ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

අනතුරෙන් තුවාල ලැබුවන් අතර කුඩා ළමුන් කිහිප දෙනෙකු ද වනවා. බස් රථය අනතුරට පත් වන අවස්ථාවේ බස් රථය තුළ 35 දෙනෙකු පමණ ගමන් කර තිබෙනවා.

බස් රථයේ ගමන් ගත් පිරිස මාතර සහ අකුරැස්ස ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි පොලිසිය පවසන්නේ.