― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsමහවැලි ගොවි පවුල් ලක්ෂ 02කට සින්නක්කර ඉඩම් ඔප්පු

මහවැලි ගොවි පවුල් ලක්ෂ 02කට සින්නක්කර ඉඩම් ඔප්පු

උපන් බිමේ උරුමය තහවුරු කරමින් මහවැලි ගොවි පවුල් ලක්ෂ දෙකකට සින්නක්කර ඔප්පු ලබාදීමට සැලසුම් කර ඇති බව වාරිමාර්ග, වනජීවි සහ වන සංරක්ෂණ අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි පවසනවා.

උරුමය ඉඩම් ඔප්පු ලබාදීමේ දෙවන අදියර ක්‍රියාත්මක කිරීම පිළිබඳව මහවැලි අධිකාරියේ ඊඉයේ (22) පැවැති සාකච්ඡාවකදීයි අමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කළේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සංකල්පයකට අනුව දීප ව්‍යාප්තව ක්‍රියාත්මක ‘උරුමය’ ඉඩම් ඔප්පු ලක්ෂ 20 ලබාදීමේ ජාතික වැඩසටහනට සමගාමීව, මහවැලි බල ප්‍රදේශ 10 ආවරණය කරමින්, මෙම සින්නක්කර ඉඩම් ඔප්පු ප්‍රදානය කිරීමට ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය සැලසුම් කර තිබෙනවා.

මෙම සාකච්ඡාවේදී අමාත්‍යවරිය පෙන්වා දුන්නේ සිය උපන් භූමියේ හිමිකම ලබාදීම තුළින් මහවැලි ගොවි ජනතාවගේ ආර්ථික හා සමාජීය සංවර්ධනය ශක්තිමත් කිරීමට එය මහඟු පිටිවහලක් වන බවයි.

මේ වන විට ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට අයත් සියලු කලාපවල ජනපදිකයින් වෙනුවෙන් බැහැර කර ඇති ඉඩම් කොටස් ගණන 315,529 කි.

එයින් 2024 ජනවාරි 30 දිනට ලබා දී ඇති ප්‍රදාන පත්‍ර ගණන 219,372 ක් වන අතර ලබා දී ඇති අවසර පත්‍ර ගණන 48,881 වේ.