ශ්‍රී පාදය වන්දනා කිරීමට පැමිණි පුද්ගලයෙක් හදිසියේම අසනීප වී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
නල්ලතන්නිය පොලිසිය පැවසුවේ මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 77 හැවිරිදි ඩබ්ලිව්. ගුණවර්ධන නැමැති අයෙකු බවයි.
මෙම පුද්ගලයා හදිසියේම අසනීප වී මස්කෙළිය රෝහල වෙත රැගෙන යාමේදීයි මිය ගොස් ඇත්තේ.
අවිස්සාවේල්ල, පුවක්පිටිය ප්‍රදේශයේ සිට ශ්‍රී පාදය වන්දනා කිරීම සඳහා පැමිණි වන්දනා නඩයක් ශ්‍රී පාදය වන්දනා කර නැවත ගම්බිම් බලා පිටත්ව යාම සඳහා ඊයේ (25) රාත්‍රියේ නල්ලතන්නිය ප්‍රදේශයට පැමිණි අවස්ථාවේ මෙම පුද්ගලයා හදිසියේ අසනීප වී තිබෙනවා.
මියගිය තැනැත්තාගේ දේහය පශ්චාත් මරණ පරික්ෂණය සඳහා මස්කෙළිය ප්‍රාදේශීය රෝහලේ තැම්පත් කර තිබෙනවා.