― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeHot Newsමස්කෙළියේ වත්තකින් මළ සිරුරක් හමුවෙයි

මස්කෙළියේ වත්තකින් මළ සිරුරක් හමුවෙයි

මස්කෙළිය පොලිස් වසමේ සාමිමලෙයි ප්‍රදේශයේ තිබී පුද්ගල මළ සිරුරක් ඊයේ (26) රාත්‍රියේ සොයාගෙන තිබෙනවා.

මස්කෙළිය පොලිස් ස්ථානාධිපතිවරයාට ලද තොරතුරක් මතයි මෙම මළ සිරුර සොයාගෙන ඇත්තේ.

මෙලෙස මියගොස් ඇත්තේ එම වත්තේම පදිංචි කුමාරවේල් සුබ්‍රමනියම් නමැති 40 හැවිරිදි දෙදරු පියෙක් බවයි විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.

අදාළ පුද්ගලයා මීට දින කිහිපයකට පෙර අතුරුදන්ව ඇති බවට ඔහුගේ බිරිඳ මස්කෙළිය පොලිස් ස්ථානයට පැමිණිල්ලක් කර තිබෙනවා.

මෘත ශරීරය මස්කෙළිය මූලික රෝහල වෙත රැගෙන ගොස් ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය අධිකරණ වෛද්‍ය නිලධාරියෙකු ඉදිරියේ පැවැත්වීමට නියමිතය.