28.4 C
Colombo
Monday, June 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsමස්කෙළියේ වත්තකින් මළ සිරුරක් හමුවෙයි

මස්කෙළියේ වත්තකින් මළ සිරුරක් හමුවෙයි

මස්කෙළිය පොලිස් වසමේ සාමිමලෙයි ප්‍රදේශයේ තිබී පුද්ගල මළ සිරුරක් ඊයේ (26) රාත්‍රියේ සොයාගෙන තිබෙනවා.

මස්කෙළිය පොලිස් ස්ථානාධිපතිවරයාට ලද තොරතුරක් මතයි මෙම මළ සිරුර සොයාගෙන ඇත්තේ.

මෙලෙස මියගොස් ඇත්තේ එම වත්තේම පදිංචි කුමාරවේල් සුබ්‍රමනියම් නමැති 40 හැවිරිදි දෙදරු පියෙක් බවයි විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.

අදාළ පුද්ගලයා මීට දින කිහිපයකට පෙර අතුරුදන්ව ඇති බවට ඔහුගේ බිරිඳ මස්කෙළිය පොලිස් ස්ථානයට පැමිණිල්ලක් කර තිබෙනවා.

මෘත ශරීරය මස්කෙළිය මූලික රෝහල වෙත රැගෙන ගොස් ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය අධිකරණ වෛද්‍ය නිලධාරියෙකු ඉදිරියේ පැවැත්වීමට නියමිතය.