― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeHot Newsපොල්ලෙන් ගසා බිරිඳ ඝාතනය කළ සැමියා

පොල්ලෙන් ගසා බිරිඳ ඝාතනය කළ සැමියා

සැමියාගේ පොලු පහරින් බිරිඳ ජීවිතක්ෂයට පත්වීමේ පුවතක් නොරෝච්චෝලේ ප්‍රදේශයෙන් වාර්තා වනවා.

පොලීසිය පැවසුවේ ඊයේ (26) නොරෝච්චෝලේ, කරඹ ප්‍රදේශයේදී මෙම ඝාතනය සිදුව ඇති බවයි.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ කරඹ ප්‍රදේශයේ පදිංචිව සිටි දෙදරු මවකි.

සැමියා විසින් බිරියට පොලු මුගුරු වලින් පහර දී තුවාල සිදු කර ඇති අතර ඇයව කිසිදු අයකුට රෝහල්ගත කිරීමට පවා අවස්ථාව ලබා දී නැහැ.

පහරදීමෙන් දැඩි අසාධ්‍ය තත්වයෙන් පසු වූ කාන්තාව අධික ලෙස ලේ වහනය වීම හේතුවෙන් ඥාතියකු විසින් ඇයව පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

ඇය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදීයි අද අලුයම ජීවිතක්ෂයට පත්ව ඇත්තේ.

පොලීසිය පැවසුවේ සිද්ධිය සම්බන්ධයෙන් සැමියා අත්අඩංගුවට ගත් බවයි.