― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeHot Newsපාතාල කෙරුමෙක් වෙඩි හුවමාරුවකින් ජීවිතක්ෂයට

පාතාල කෙරුමෙක් වෙඩි හුවමාරුවකින් ජීවිතක්ෂයට

පසුගියදා මහබාගේ ප්‍රදේශයේ මස් අලෙවි සැලකදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීම සඳහා පැමිණි යතුරුපැදිකරු වෙඩි හුවමාරුවකදී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලීසිය පැවසුවේ මෙම පුද්ගලයා සූරියවැව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට යාමේදී විශේෂ කාර්ය බලකා නිලධාරීන් සමග ඇති වූ වෙඩි හුවමාරුවකින් ජීවිතක්ෂයට පත් වූ බවයි.

දිවයින පුරා ක්‍රියාත්මක යුක්තිය මෙහෙයුමට සමගාමීව විශේෂ කාර්ය බලකාය විසින් අද (28) සූරියවැව පොලිස් වසමේ ආඩිගම වැව අසළ වාඩියකදී අත්අඩංගුවට ගැනීමට යාමේදී වෙඩි හුවමාරුවක් සිදු වී තිබෙනවා.

එහිදී සංවිධානාත්මක අපරාධකරුවෙකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන දැනට විදේශගතව සිටින ‘ඩුබායි නිපුන’ නැමැත්තාගේ මෙහෙයවීමෙන් පසුගිය 21 වැනිදා මහබාගේ පොලිස් වසමේ ඇලපිටිවල ප්‍රදේශයේ මස් අලවි සැලකදී පුද්ගලයෙකුට වෙඩිතබා ඝාතනය කිරීම සදහා වෙඩික්කරු පැමිණි යතුරු පැදියේ යතුරුපැදිකරු ලෙස කටයුතු කළ පුද්ගලයා වෙඩි හුවමාරුවකදී මියගොස් තිබෙනවා.

එම පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට යාමේදී සැකකරු විසින් ක්ෂණිකව ගිනි අවියකින් නිලධාරීන් දෙසට වෙඩි ප්‍ර‍හාරයක් එල්ල කර ඇති අතර නිළධාරින්ගේ පුද්ගලික ආරක්ෂාව වෙනුවෙන් ක්ෂණිකව ප්‍ර‍තිවෙඩි ප්‍ර‍හාර එල්ල කළ අවස්ථාවේ එම වෙඩි ප්‍ර‍හාරය හමුවේ වෙඩි වැදුණු තුවාලකරු සූරියවැව රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.

ඉන් අනතුරුවයි මොහු ජීවිතක්ෂයට පත්ව ඇත්තේ.