― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeHot Newsබිත්තියක් කඩා වැටී පුද්ගලයෙක් ජීවිතක්ෂයට

බිත්තියක් කඩා වැටී පුද්ගලයෙක් ජීවිතක්ෂයට

ගොඩනැගිල්ලක බිත්තියක් කඩා වැටී පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්වීමේ පුවතක් මහරගම ප්‍රදේශයෙන් වාර්තා වනවා.

පොලීසිය පැවසුවේ මහරගම පොලිස් වසමේ හයිලෙවල් මාර්ගය ආසන්නයේ ගොඩනැගිල්ලක් කඩා ඉවත් කරමින් සිටි සේවකයින් දෙදෙනෙකුගේ ඇඟ මතට එම ගොඩනැගිල්ලේ බිත්තියක් කඩා වැටී ඇති බවයි.

මෙලෙස බිත්තියට යට වීමෙන් තුවාල ලැබූ සේවකයින් දෙදෙනා කළුබෝවිල රෝහලට ඇතුළත් කර තිබෙනවා.

මෙලෙස රෝහලට ඇතුළත් කිරීමේදී 45 හැවිරිදි පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර මෘත ශරීරය මේ වනවිට කළුබෝවිල රෝහලේ තැන්පත් කර ඇති බවයි වාර්තා වන්නේ.

තුවාල ලැබූ අනෙක් සේවකයා කළුබෝවිල රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බවයි පොලීසිය පැවසුවේ.