― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsපාසල් සිසුන්ට එළිමහන් ක්‍රියාකාරකම් එපා

පාසල් සිසුන්ට එළිමහන් ක්‍රියාකාරකම් එපා

මේ දිනවල පරිසරයේ පවතින අධික උෂ්ණත්වය තවදුරටත් ඉහළ යා හැකි බවට ලැබී ඇති තොරතුරු අනුව, අද හෙට සහ අනිද්දා දින තුළ (පෙබ. 28, 29 සහ මාර්තු 01) දිවයිනේ කිසිදු පාසලක සිසු දරුවන් ඉහළ උෂ්ණත්වයක් ඇති අවස්ථාවල එළිමහන් ක්‍රීඩා පුහුණු කටයුතු හෝ ක්‍රීඩා උත්සව හෝ වෙනත් බාහිර ක්‍රියාකාරකමකට හෝ යෙදවීමෙන් වළකින ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය සියලු පාසල් වෙත උපදෙස් ලබා දී තිබේ.

සියලුම පාසල්වල විදුහල්පතිවරුන් මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීම පිණිස අදාළ උපදෙස් මේ වන විටත් පළාත් සහ කලාප අධ්‍යාපන බලධාරීන් වෙත යොමු කර තිබෙනවා.

සෞඛ්‍ය අමාත්‍යාංශය හා අධ්‍යාපන අමාත්‍යාංශය එක්ව පාසල් වෙත නිකුත් කර ඇති උපදෙස් මාලාව අනුව ඉදිරියේ දීද කටයුතු කරන ලෙසයි වැඩිදුරටත් දැනුම් දී ඇත්තේ.