තම බිරිඳ ඝාතනය කළ බව කියන සැමියෙක් බිරිඳගේ මරණයෙන් මාස 10කට පසු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ බදුරලිය, මාරගහදෙණිය ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි පුද්ගලයෙකි.
ත්‍රීරෝද රථයෙන් ඇද වැටී හිසට බරපතළ තුවාල ලබා රෝහල්ගත කළ මොහුගේ බිරිඳ මාසයකට පසු මියයාම ඝාතනයක් බවට සැක පිටයි කළුතර අපරාධ කොට්ඨාශය විසින් මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත්තේ.
සැකකරු විසින් 2023 අප්‍රේල් 10 වැනිදා රාත්‍රියේ තම බිරිඳ වන එම්. බී. කසුනි දුලීකා යන 30 හැවිරිදි එක්දරු මව ත්‍රීරෝද රථයකින් ඇද වැටී තුවාල ලැබූ බව සඳහන් කරමින් බදුරලිය ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කර තිබුණා.
ඇයගේ තත්වය බරපතළ බැවින් කොළඹ ජාතික රෝහලට ඇතුලත් කිරීමෙන් පසු 2023 මැයි මස 07 වැනිදා ඇය මිය ගියා.
ඇයගේ මරණය සැක සහිත බවට පවුලේ සාමාජිකයින් කළ පැමිණිලි මත කළුතර අපරාධ කොට්ඨාශයේ නිළධාරීන් විසින් සිදු කළ දීර්ඝ විමර්ශනයකින් පසු සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මොට ආයුධයකින් හිසට සිදු කළ පහරදීමක් හේතුවෙන් කාන්තාවගේ මරණය සිදුව ඇති බවයි අධිකරණයට වාර්තාවල සටහන්ව ඇත්තේ.