― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeHot Newsඅතුරුදන්ව සිටි තරුණයාගේ සිරුර පාලමක් යට

අතුරුදන්ව සිටි තරුණයාගේ සිරුර පාලමක් යට

සිව් දිනක් පුරා අතුරුදන්ව සිටි තරුණයකුගේ මළ සිරුර ඉහළ කොත්මලේ ජලාශයේ, තලවකැලේ පූඩලුඔය මාර්ගයේ පාලම යට තිබී ඊයේ (29) සොයාගෙන තිබෙනවා.

තලවකැලේ පොලිසිය පැවසුවේ තලවකැලේ හොලිරුඩි ප්‍රදේශයේ පදිංචි කසුන් ලක්මාල් නැමැති 25 හැවිරිදි තරුණයෙකුගේ සිරුර මෙලෙස හමු වූ බවයි.

මීට දින කිහිපයකට ප්‍රථම ඉහළ කොත්මලේ ජලාශයට ජලය ගලා බසින කොත්මලා ඔයේ නාගසේන ප්‍රදේශයේ දිය නෑමට ගිය තලවකැලේ ප්‍රදේශයේ පදිංචිව සිටි පාසල් සිසුවෙකු දියේ ගිලී ජීවිතක්ෂයට පත් වුණා.

එම අවමංගල්‍ය උත්සවයට සහභාගි වන බව පවසා ගිය තම පුතා ආපසු නිවසට නොපැමිණි නිසා ඔහුගේ මව විසින් තලවකැලේ පොලිසියට පැමිණිල්ලක් කර තිබෙනවා.

ගොඩගත් සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා නුවරඑළිය දිස්ත්‍රික් මහ රොහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කර ඇති බවයි පොලිසිය පැවසුවේ.