30 C
Colombo
Saturday, April 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsගංජා කිලෝ 04ක් පූජා භූමියෙන් අල්ලයි

ගංජා කිලෝ 04ක් පූජා භූමියෙන් අල්ලයි

අනුරාධපුර පූජා භූමිය ප්‍රදේශයේ අලෙවි කිරීම සඳහා සූදානම් කර තිබූ ලක්ෂ අටකට අධික වටිනාකමින් යුත් කේරළ ගංජා තොගයක් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විශේෂ කාර්ය බලකාය මුලතිව් කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ඊයේ (29) අනුරාධපුර පොලිස් වසමේ රුවන්වැලිසෑය ඉදිරිපිට ඇති රථගාලේ දී මෙම වැටලීම සිදුකර ඇත.

එහිදී අලෙවි කිරීම සඳහා ලක්ෂ අටකට අධික වටිනාකමින් යුත් කේරළ ගංජා කිලෝ 04, ග්‍රෑම් 250 ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය පැවසුවේ මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ආනවාසල, කල්පිටිය පදිංචි වයස අවුරුදු 32 පසුවන පුද්ගලයකු බවයි.

වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ඔහු අනුරාධපුර පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා.