26 C
Colombo
Thursday, April 10, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsලිට්‍රෝ ගෑස් මිලේ වෙනසක් නැහැ

ලිට්‍රෝ ගෑස් මිලේ වෙනසක් නැහැ

මාර්තු මාසයේදී ලිට්‍රෝ ගෑස් මිලේ කිසිඳු වෙනසක් සිදු නොවන බව ලිට්‍රෝ සමාගම පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම සමාගමේ සභාපති මුදිත පීරිස් පවසන්නේ ඒ අනුව පෙර පවතින මිල ගණන්වලටම මාර්තු මාසයේදීත් ගෑස් මිලදී ගැනීමට පාරිභෝගිකයින්ට අවස්ථාව ලැබෙනු ඇති බවයි.

දැනට කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 4,250ක්, කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 1,707ක් හා කිලෝග්‍රෑම් 2.3 ගෑස් සිලින්ඩරයක් රුපියල් 795 කටත් අලෙවි වනවා.