― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsරුසියානු යුධ නෞකාවක් කොළඹ වරායට

රුසියානු යුධ නෞකාවක් කොළඹ වරායට

රුසියානු නාවික හමුදාවට අයත් ‘Russian Guards Missile Cruiser Varyag’ නෞකාව නිල සංචාරයක් සඳහා අද (01) උදෑසන කොළඹ වරායට සේන්දු වුණා.

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගනු ලැබුවා.

මෙලෙස කොළඹ වරායට සේන්දු වූ ‘Russian Guards Missile Cruiser Varyag’ නෞකාව, දිගින් මීටර් 187 හා නැව් මුළුව පන්සිය විසි නවයකගෙන් (529) සමන්විතය.

මෙම නෞකාව මෙරට රැඳී සිටින කාල සීමාව තුළ නෞකාවේ ධජ නිලධාරි සහ අණදෙන නිලධාරී විසින් බටහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් සමන් පෙරේරා සමඟ නිල හමුවක් පැවැත්වීමට නියමිතය.

මෙම නෞකාව නිල සංචාරය නිමා කරමින් 03 වැනිදා දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව ඇත.