පොලිස් නිලධාරීන්ට පොලිස් අරමුදලින් මූල්‍ය ආධාර ලබාදීමට පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අවසර ලබා දී තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව පැව්සුවේ
රාජකාරි කිරීමේදී පොලිස් නිලධාරීන් මුහුණ දෙන නීතිමය ගැටලු සඳහා නීතියේ පිහිට ලබා ගැනීම සඳහා මෙම මුදල් ලබා දෙන බවයි.
මේ සම්බන්ධයෙන් වන කැබිනට් යෝජනාව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබෙනවා.