― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකාබුල් නුවරින් තවත් විදේශිකයෝ පිරිසක් ගුවන් ගත වෙති

කාබුල් නුවරින් තවත් විදේශිකයෝ පිරිසක් ගුවන් ගත වෙති

අමෙරිකා හමුදා ඇෆ්ගනිස්තානයෙන් සම්පූර්ණයෙන්ම පිටත්ව යෑමෙන් පසු පළමුවරට අන්තර්ජාතික මගීන් දුසිමකට වැඩි විදේශිකයෝ පිරිසක් කාබුල් නුවර ගුවන් තොටුපොළෙන් පිටත්ව ගිය බව බීබීසී.පුවත් සේවය වාර්තා කළේය. කාටර් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් පිටත්ව ගිය මේ පිරිසට බ්‍රිතාන්‍ය ජාතිකයන් කිහිපදෙනකු ද ඇතුළත් වූ බව වාර්තා වේ.

සිය හමුදාව ඇෆ්ගනිස්තානයෙන් ඉවත් වීමෙන් පසු එරට ඉතිරිව සිටි සෙසු විදේශිකයන් ගෙන්වා ගැනීමට කටයුතු කරන ලෙස පසුගියදා අමෙරිකාවේ රාජ්‍ය ලේකම් ඇන්ටෝනි බ්ලින්කන් කටාර් රාජ්‍යයේ කළ සංචාරයකදී ඉල්ලීමක් කර තිබිණි. ඇෆ්ගනිස්තානය තුළ රැඳී සිටි කාලයේදී අමෙරිකා හමුදාවට සහාය දුන් සිය ගණනක ඇෆ්ගනිස්තාන ජාතිකයන්ට පසුගිය මාසයේදී එරටින් පිටවීමට නොහැකි වූ බව එහිදී අමෙරිකාවේ රාජ්‍ය ලේකම්වරයා ප්‍රකාශ කර තිබිණි. රොයිටර් පුවත් සේවයේ වාර්තාවකට අනුව විදේශිකයන් සහ ඇෆ්ගනිස්තාන ජාතිකයන් ඇතුළුව මගීන් 113 දෙනකු කටාර් ගුවන් යානයෙන් පියාසර කර ඇත.

බ්‍රිතාන්‍ය ජාතිකයන් 13 දෙනකු දෝහා කටාර් නුවරට ගොඩ බට බව බ්‍රිතාන්‍යයේ විදේශ ලේකම් ඩොමිනික් රාබ් තහවුරු කර තිබේ.