27.8 C
Colombo
Friday, September 12, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsLocalවිදේශ සංචිත සියයට 79කින් පහළට

විදේශ සංචිත සියයට 79කින් පහළට

2019 වසරේ සිට 2021 දක්වා කාලය තුළ මෙරට විදේශ සංචිත සියයට 79කින් පහත වැටී ඇති බව අනාවරණය වී තිබේ.

එම කාලය තුළ ආසියානු කලාපයේ අනෙකුත් රටවල විදේශ සංචිත ඉහළ ගොස් ඇති අතර පබ්ලික් ෆිනෑන්ස් වෙබ් අඩවිය සඳහන් කරන්නේ වසර දෙකක් තුළ මෙලෙස මෙරට විදේශ සංචිත සියයට 79කින් පහත වැටෙද්දී බංග්ලාදේශයේ විදේශ සංචිත සියයට 41කින් වර්ධනය වී ඇති බවයි.

ඒ අනුව ඉන්දියාවේ විදේශ සංචිත සියයට 39කින්ද, භූතානයේ සියයට 35කින්ද, පාකිස්ථානයේ සියයට 33කින්ද ඉහළ ගොස් ඇති අතර පිලිපීනයේ විදේශ සංචිත එම කාලය තුළ සියයට 24කින් ඉහළ ගොස් ඇත.