මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කටයුතු අද (04) සිට ඩිජිටල් ක්‍රමවේදයකට සිදු කිරීමට කටයුතු යොදා තිබෙනවා.
ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසන්නේ ඒ අනුව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු කාර්යාලයෙන් සේවාවන් ලබාගැනීම සඳහා දිනයක් සහ වේලාවක් කලින් වෙන්කර ගැනීම අනිවාර්ය බවයි.
මේ සඳහා 2 117 116 ස්වයංක්‍රීය දුරකථන අංකයක් ද හඳුන්වා දී ඇති අතර ඊට අමතරව www.dmtappointments.dmt.gov.lk වෙබ් අඩවිය හරහා ද එම පහසුකම ලබාගැනීමේ හැකියාව පවතිනවා.