27 C
Colombo
Monday, February 24, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsබයිඩ්න්-ෂි ජින් පින් මිනිත්තු 90ක් කතා කරති

බයිඩ්න්-ෂි ජින් පින් මිනිත්තු 90ක් කතා කරති

මාස 7කට පසු පළමු දුරකතන සංවාදය

මාස 7කට පසු පළමු වරට අමෙරිකාවේ සහ චීනයේ ජනාධිපතිවරු පෙරේදා මිනිත්තු 90ක දීර්ඝ දුරකතන සංවාදයක නිරතවූහ. ජෝ බයිඩ්න් සහ ෂි ජින් පින් එතරම් දීර්ඝ කාල සීමාවක් සාකච්ඡා කරනු ලැබුවේ ලෝක ආර්ථිකයේ මහ බලවතුන් ලෙස මේ දෙරට අතර පවතින තරගකාරීත්වය ගැටුමක් බවට පත්වීම වළක්වා ගැනීමට බව වාර්තා වේ. ජෝ බයිඩ්න් ජනාධිපතිධුරයට පත්වීමෙන් පසු දෙදෙනා අතර දුරකතන සංවාදයක් පැවති දෙවැනි අවස්ථාව ද මෙය වේ.

වෙළෙඳාම, ඔත්තු සේවය සහ වසංගතය මුල් කරමින් මේ දෙරට අතර දැඩි උණුසුම් වාතාවරණයක් පසුගිය කාලය පුරා හටගෙන තිබූ අතර, නායකයන් දෙදෙනාම පුළුල් උපාය මාර්ගික ඵලදායි සාකච්ඡාවක නිරතවු බව ධවල මන්දිරය ඊයේ නිවේදනය කළේය. අමෙරිකාව සහ චීනය අතර පවතින තරගකාරීත්වය පාලනය කිරිමේ වගකීමක් අමෙරිකාවට ද ඇති බව මෙහිදී බයිඩ්න් පැහැදිලි කර ඇතැයි ධවල මන්දිරය නිකුත් කළ නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වෙයි.

මේ පිළිබඳ නිවේදනයක් නිකුත් කරමින් චීනයේ රාජ්‍ය රූපවාහිනී නාලිකාව වන සීසීටීවී කියා සිටියේ බයිඩ්න් සහ ෂි ජින්පින් අතර සංවාදය සෘජු හා ගැඹුරු එකක් වූ බවය. එමෙන්ම මේ සංවාදය අන්‍යෙන්‍ය වශයෙන් බලපාන ගැටලු සමථයකට පත් කරගැනීමේ පුළුල් සංවාදයක් බවට පත්වූ බව චීන රාජ්‍ය රූපවාහිනි නාලිකාව වැඩි දුරටත් සඳහන් කර තිබේ.

දෙරට අතර සම්බන්ධතාව සුදුසු ලෙස හැසිරවීමට හැකිවන්නේ නම් එය ඉදිරියේදී ලෝකයේ අනාගතය සම්බන්ධව තීරණාත්මක වනු ඇතැයි ද එම නාලිකාව වැඩි දුරටත් කියා තිබේ.

ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිධුරයට පත්වීමෙන් පසු පළමු මාස 6 ඇතුළතදී චීන ජනාධිපතිවරයා සමඟ අවස්ථා දෙකකදී දුරකතනය මගින් සංවාදයක නිරතව තිබූ අතර, දෙදෙනා අතර පෞද්ගලික සාකච්ඡාවක් කිරීම සඳහා ෆ්ලෝරිඩා ප්‍රාන්තයේ පිහිටි ට්‍රම්ප්ගේ මාර් ආ ලාගෝ පෞද්ගලික සමාජ ශාලාවට පැමිණෙන ලෙස චීන ජනාධිපතිවරයාට ඇරියුම් කර තිබිණි.

මේ සංවාදය අමෙරිකා ජනාධිපතිවරයාගේ අවශ්‍යතාව මත ඇති වූ එකක් බවත් ධවල මන්දිරයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු ප්‍රකාශ කර තිබිණි.