25 C
Colombo
Sunday, July 27, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවැලිගම බාලිකා පාසලක ගින්නක්

වැලිගම බාලිකා පාසලක ගින්නක්

වැලිගම ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික අරාබි කාන්තා පාසලක ඊයේ (03) පස්වරුවේ ගින්නක් හටගෙන තිබෙනවා.

ගින්න හටගන්නා අවස්ථාවේදී එම පාසලේ දරුවන් 150කට ආසන්න පිරිසක් සිට ඇති අතර ඔවුන් කිසිවෙකුටත් ගින්නෙන් හානියක් සිදුව නොමැති බවයි අප වාර්තාකරු පැවසුවේ.

ප්‍රදේශවාසීන් එක්ව කඩිනමින් ගින්න නිවාදැමීමට කටයුතු කර ඇති අතර ගින්නෙන් දේපළවලට දැඩි හානියක් සිදුව තිබෙනවා.

විද්‍යාලයේ සිසු නේවාසිකාගාරයේ ඇති වූ මෙම ගින්නට හේතුව මෙතෙක් ආනාවරණය වී නැහැ.

ගින්නෙන් පාසලේ සිසුන්ගේ පාසල් උපකරණ හා ඇඳුම් පැළඳුම් වලට දැඩි හානියක් සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

⁣සිද්ධිය සම්බන්ධයෙන් වැලිගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.