ශ්‍රී ලන්කන් ගුවන් සමාගම ප්‍රතිව්‍යුහගත කිරීමට සුදුසු ආයෝජකයෙකු තෝරාගැනීම සඳහා වන ලංසු කැඳවීමේ කාලය දීර්ඝ කර තිබෙනවා.
ඒ අනුව අද (05) සිදුකිරීමට නියමිතව තිබූ ලංසු කැඳවීම තවත් දින 45 කින් කල්දැමීමට කටයුතු කර තිබෙනවා.
ශ්‍රී ලන්කන් ගුවන් සමාගම ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ යටතේ ඇමරිකානු ඩොලර් මිලියන 500ක පමණ අයෝජනයක් බලාපොරොත්තු වන බවයි වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා සඳහන් කළේ.