― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot News15 දැරියට හදි කළ 32 තරුණයා අත්අඩංගුවට

15 දැරියට හදි කළ 32 තරුණයා අත්අඩංගුවට

15 හැවිරිදි පාසැල් දැරියක් ලිංගික අපයෝජනයට ලක් කළ බව කියන තරුණයෙක් අද (06) මහියංගණයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කන්දකැටිය පොලිසිය පැවසුවේ මෙම තරුණයා මීගහකිවුල, කලුගහකදුර ප්‍රදේශයේ 15 හැවිරිදි පාසැල් දැරියක් රවටාගෙන ගොස් සිය ඥාති නිවසක රඳවාගෙන අපහරණය කර ඇති බවයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මහියංගනය පූජා නගරය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 32 ක තරුණයෙකි.

දැරියගේ දෙමාපියන් විසින් කළ පැමිණිල්ලකට අනුවයි සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ.

අපයෝජනයට ලක් වූ දැරිය අද (06) බදුල්ල අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර සැකකරු බදුල්ල මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

සිද්ධිය සම්බන්ධයෙන් කන්දකැටිය පොලිසිය පරීක්ෂණ පවත්වනු ලබනවා.