31 C
Colombo
Tuesday, April 8, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsඅලි සබ්රි රහීම්ට මැතිසබේ තහනම්

අලි සබ්රි රහීම්ට මැතිසබේ තහනම්

පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම්ට අද (06) සිට පාර්ලිමේන්තුවට පැමිණීම අත්හිටුවා තිබෙනවා.

නීතිවිරෝධී ලෙස මන්ත්‍රීවරයා පසුගියදා මෙරටට රත‍්‍රන් ගෙන ඒමේ සිදුවීම සම්බන්ධව පාර්ලිමේන්තුවේ ආචාරධර්ම හා වරප්‍රසාද පිළිබඳව කාරක සභාව ඉදිරිපත් කළ වාර්තාවේ නිර්දේශවලට අනුවයි මෙම තීරණය ගෙන ඇත්තේ.

ඒ අනුව කතානායක මහින්ද යාපා අබේවර්ධන අද (06) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ මන්ත්‍රීවරයාට මාසයක කාලයක් සඳහා පාර්ලිමේන්තුවට පැමිණීම අත්හිටුවන බවයි.