― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsරත්‍රං පැහැති කඩුවක් සමඟ අයෙක් අත්අඩංගුවට

රත්‍රං පැහැති කඩුවක් සමඟ අයෙක් අත්අඩංගුවට

පුරාවිද්‍යා වටිනාකමක් සහිත රත්‍රං පැහැති කඩුවක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකු වි‍ශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දීප ව්‍යාප්ත යුක්තිය මෙහෙයුමට අදාළව ඊයේ (07) ලුණුගම්වෙහෙර පොලිස් වසමේ මත්තල, පුංචි අප්පු ජදුර වැව ආසන්න ප්‍රධාන මාර්ගයේදී මෙම වැටලීම සිදුකර තිබෙනවා.

එහිදී පුරාවිද්‍යා වටිනාකමක් ඇතැයි සැක කළ හැකි රත්‍රං පැහැති කඩුවක් සන්තකයේ තබාගෙන කැබ් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන ඇති අතර පොලීසිය පැවසුවේ ඔහු දික්වැල්ල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 63ක පුද්ගලයෙක් බවයි.

වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ඔහු ලුණුගම්වෙහෙර පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා.