― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsජූනි මාසයේ සිට පවුල් ලක්ෂ 24කට අස්වැසුම

ජූනි මාසයේ සිට පවුල් ලක්ෂ 24කට අස්වැසුම

අස්වැසුම දෙවන අදියර යටතේ ජූනි මාසයේ සිට පවුල් ඒකක ලක්ෂ 24ක් සඳහා ප්‍රතිලාභ ලබාදීමට කටයුතු කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසනවා.

එඋ අනුව ලැබුණු ඉල්ලුම්පත් සුභ සාධක ප්‍රතිලාභ මණ්ඩලය සහතික කිරීමෙන් අනතුරුව මෙම නාම ලේඛනය ප්‍රසිද්ධියට පත් කරනු ඇති.

රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ අස්වැසුම ප්‍රතිලාභියෙකු බවට පරිවර්තනය විය හැක්කේ ඉල්ලුම් පත්‍රයක් ලබාදීමෙන් පමණක් බවත් අස්වැසුම ප්‍රතිලාභ ඉල්ලුම්පත්‍ර කැඳවීම මාර්තු මස 15 වන දිනයෙන් අවසන් වන බැවින් මාර්ග ගත ක්‍රමයට හෝ ප්‍රාදේශීය ලේකම් කාර්යාල මගින් ඊට පෙර ඉල්ලීම් කරන ලෙස සුදුසුකම් ඇති සියලු දෙනාගෙන් ඉල්ලා සිටින බවත්ය.

පසුගිය වසරේදී පවුල් ඒකක ලක්ෂ විස්සක් සඳහා අස්වැසුම ප්‍රතිලාභ ලබා දී ඇති අතර ඒ සඳහා රජය රුපියල් බිලියන එකසීය අසූ හතක මුදලක් වැය කර තිබෙනවා.

2024 වර්ෂය සඳහා ලක්ෂ 24කට අස්වැසුම ලබාදීමට තීරණය කර ඇති අතර ඒ සඳහා රජය දරණ මුළු වියදම රුපියල් බිලියන දෙසීය පහක්.

2024 වර්ෂයේ ක්‍රියාත්මක අස්වැසුම සුභ සාධන වැඩසටහන යටතේ ව්‍යාජ තොරතුරු මත කිසිවකුට ප්‍රතිලාභ ලබාදීමට හැකියාවක් නොපවතින බවත් ව්‍යාජ තොරතුරු මත පසුගිය වසරේදී ප්‍රතිලාභ ලබාගත් පුද්ගලයන් සම්බන්ධයෙන් සුභ සාධක ප්‍රතිලාභ මණ්ඩලය විසින් නීතිමය ක්‍රියාමාර්ග ගනු ඇති බවත් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.