― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsහරක් කටා යළි රිමාන්ඩ්

හරක් කටා යළි රිමාන්ඩ්

අද (11) දිනයේදී කොළඹ මහාධිකරණයට ඉදිරිපත් කළ නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් ‘හරක් කටා’ තංගල්ල පැරණි බන්ධනාගාරයේ පිහිටි ත්‍රස්ත මර්ධන කාර්යාංශය යටතේ තිබෙන රැඳවුම් කඳවුරේ රඳවා තැබීමට නියෝග කර තිබෙනවා.

කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත විසිනුයි මෙම නියෝගය ලබා දී ඇත්තේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් දැඩි ආරක්ෂක විධිවිධාන මැද හරක් කටා අද (11) අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවා.

සැකකරුගේ ඇගිලි සලකුණු ලබාගෙන වාර්තාවක් හැඳින්වීමටද නියම වුණා.

ඉන් අනතුරුව නඩුව අප්‍රේල් මස 26 වැනිදා කැඳවන්නැයි විනිසුරුවරයා නියම කළා.