― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsලටම් ගුවන් යානයක දෝෂයක් - 12කට තුවාල

ලටම් ගුවන් යානයක දෝෂයක් – 12කට තුවාල

ලටම් එයාර්ලයින්ස් සමාගමට අයත් ගුවන් යානයක හටගත් තාක්ෂණික දෝෂයක් හේතුවෙන් එහි ගමන් කළ කිහිප දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ සිඩ්නි සිට ඕක්ලන්ඩ් දක්වා ගමන් කරමින් සිටි ගුවන් යානයක මෙම දෝෂය හටගෙන තිබූ බවයි.

ගුවන්යානය පියාසර කරන අතරතුරදී හදිසියේම පහත වැටුණු බව බොහෝ මගීන්ට දැනී අතර මේ හේතුවෙන් ඇතැම් පුද්ගලයින් අසුන්වලින් ඉවතට විසිවී ඇති බවත් ඔවුන්ගේ හිස ගුවන් යානයේ සිවිලිමේ වැදී ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

අදාළ යානය ඕක්ලන්ඩ් වෙත ගොඩබෑමෙන් පසු මගීන් 07 දෙනෙකු සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් තිදෙනෙකු රෝහල්ගත කර තිබෙනවා.

තුවාල ලැබූවන්ගේ තත්ත්වය බරපතල නොවන බවයි ලටම් ගුවන් සමාගම සඳහන් කළේ.